Tuesday 14 September 2010

සීට් දානය


ටික දවසකින් ලියන්න බැරි වුනා. පසුගිය දවසක බස් එකේ යනකොට ඔන්න ඉස්සරහම සීට් එකේ ඉදගෙන සිටියෙ ගෑණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. දෙන්නට දෙන්න අඳුරන්නෙ නැහැ. ඔන්න ටික දුරක් යන කොට නැග්ගා බබෙක් හම්බ වෙන්න ඉන්න ගෑණු කෙනෙක් ඉස්සරහින්. දැන් අර මුලින් කියපු ගෑණු කෙනාට ඇස් පේන්නෙ නැතිව ගියා. ඒ කියන්නෙ දැං නැගපු කෙනාගෙ තත්වෙ පේන්නෙ නැහැ. අනේ ඉතිං අර පිරිමි කෙනා නැගිටලා සීට් එක දුන්නා. තවත් ටිකක් දුරක් යන කොට නැග්ගා ළමයෙන් වඩාගෙන ගෑණු කෙනෙක්. අර අපේ “කතන්දර“ ගෙ මොන්ටිසෝරි අම්මලා වගේ තමයි. ඒත් අර ගැණු කෙනා නෙමේ හෙල්ලුනෙ. ඊට පස්සෙ පිටිපස්සෙ හිටිය පිරිමි කෙනෙක් සීට් එක දුන්නා. 
තවත් දවසක් මගේ නෝනත් එක්ක කෝච්චියෙ එනකොට එයාටත් ඔහොමම උනා. එයත් ඔය වාගේ අපහසු තත්වයකනෙ සිටියෙ. එතන ඉඳගෙන හිටපු ගෑණු අය සේරම පත්තර තවත් ටිකක් උස්සගෙන කියවන්න පටන් ගත්තා. ටික වෙලාවකින් එතන හිටපු පිරිමි කෙනෙක් නැගිටලා ඉඩ දුන්නා. පස්සේ ඒ පිරිමි එක්කෙනා මගේත් එක්ක කියනවා “මල්ලි මගේ කලිසම පිටිපස්සේ ඉරිලා. ඒකයි මම ටිකක් නැගිටින්න පරක්කු උනේ. ඒත් කවුරුවත් සීටි එකක් නොදුන්න නිසයි මම නැගිට්ටෙ“ කියලා. 
ඇත්තටම ඔය වාගේ අවස්ථාවල ගෑණු අය සීට් දෙන එක නම් හරිම අඩුයි. දෙන්නෙම නැති ගාණයි. ඒත් ඉතිං ඔය අමාරුව ගැන දන්නෙ හරි අනාගතේ දැනෙන්නෙ හරි ගෑණූ අයටනෙ. ඒත් ඒ ගැන හිතන්නෙ නැහැ. 
මෙතනදි මට මගෙ යාළුවෙක් කියපු දෙයක් මතක් වෙනවා. මෙයා ඔය “බූන්දි“යට ඒමෙ ලියන චූලානන්ද අයියා. එයා කියනවා බඩදරු අම්මා කෙනෙක් නැග්ගොත් සීට් එක දෙන්න ඕනා ගැහැණු කෙනෙක් කියලා. මොකද ඒකෙ අමාරුව දන්නේ ඒ අය නිසා. නමුත් බීපු මිනිහෙක් නැග්ගොත් සීට් එක දෙන්න ඕන පිරිමි කෙනෙක් කියලා. මොකද ඒ අමාරුව දන්නෙ පිරිමි කෙනෙක් නිසා.

1 comment:

  1. කියනුම කවරේද? ඕක මට මේ ඊයෙත් වුනා. දුව එක්ක කෝච්චියේ ආවා. දුව නැගිටලා අම්මා කෙනෙකුට ඉඩ දුන්නා ළමයෙක් වඩාගෙන හිටි නිසා.

    පස්සේ එතන ඉඩ ආපුවාම මිනිහාට කතා කරලා ඉන්දගත්තා. මගේ දුව හිටගෙන.

    ReplyDelete