Monday 18 November 2013

දෙවෙනි පංතියේ මගීන්


ඔන්න බොහොම කාලෙකට පස්සෙ මේ පැත්තෙ එන් හිතුණා. කතන්දර නම් එමට තිබුණා. ඒත් ලියන්නනෙ වෙලාවක් නැති වුනේ.

දැන් ටිකක් කෝච්චි වැඩිපුර දාලා ඉස්සර වගේ නෙමේ. අනික දැන් ටිකක් වෙලාවට එනවත් එක්ක. දැන් හික්කඩුවෙ ඉඳන් මරදානට එනවා එක්ප්‍රස් එකක්. පානදුරෙන් උදේ 7.02 ට. මේක ටිකක් ජනප්‍රියයි. හේතුව පානදුරෙන් පස්සෙ නවත්තන්නෙ බම්බලපිටියෙ. ඉතින් ටිකක් අපහසුකම් අඩුයි. හරියට ආවොත් විනාඩි 20න් බම්බලපිටියෙ. 

ඉන්දියන් ජරාවක් තමයි. හැබැයි මුල කාලෙ ආවට දැන් එන්නෙ නැහැ. එහෙමත් දවසක තමයි එන්නෙ. මේකෙ තියෙනවා සෙකන්ඩ් ක්ලාස් පෙට්ටි 4ක්. මුල දවස් වල ඒවයෙ සෙනග නැහැ. පරක්කු වුන දවසට තමයි වැඩි වෙන්නෙ. මමත් ගත්තා සෙකන්ඩ් කලාස් එකක්. මොකදටද නිකං තෙරපිලා එන්නෙ කියලා. 

අනේ දැන් බලපුවම ඒකෙ සෙනගත් අර වගේම තමයි. මම විතරක් නෙමේ අනික් වුණුත් බැන බැනා ගියා මේ තර්ඩ් ක්ලාස් වුනුත් මේකෙ නගිනවනෙ කියලා. දවසක් පැනපි චෙකර්ලා. අනික් වුන් වගේ මමත් හිටියා හෙණ පිට් එකේ අද ඉවරයි කියලා. ඉස්සරහින් නැගපු බාප්පලා පිටිපස්සෙන් බැහැලා ගියේ හිස් අතින්. බලපුවම සේරම සෙකන්ඩ් ක්ලාස් ටිකට් අරන්. 

දැන් ඉතින් අපේ දුම්රියෙ මාමලා මේකට විසඳුමක් දෙන පාටක් නම් නැහැ. සරල දෙයක්නෙ තියෙන්නෙ. ඉල්ලුමට සැපයුම. මිනිස්සු වියදම් කරන්න සූදානම් නම් හම්බ කර ගත්තම මොකද වෙන්නෙ?