Thursday 2 December 2010
අගක් මුලක් නැති වාක්‍ය රචනා
මේ වගේ නමක් තියෙන බ්ලොග් එකකුත් තියෙනවා. ඒත් මේ ඒ ගැන නොවෙයි.
සමහර විට අහළා ඇතිනෙ දුම්රිය පොළේ විස්තර කථනය.
“සවන් දෙන්.....තුවන වේදකාවට පැමිණි දුම්රිය.....“
ඔන්න ඔය විධියට. ටිකක් සෙවිල්ලෙන් අහගෙන හිටුයොත් මේ වාක්‍ය වල අගක් මුලක් ගැලපීමක් නැති බව පේනවා.
මේ තියෙන්නෙ හවස 5.55 ට කොළඹින් ගාල්ල (ඉස්සර මාතර) යන දුම්රිය පානදුර දුම්රියපොළට ළඟ උනාම කරන විස්තර කථනය.
“සවන් දෙන්. තුන්වන වේදිකාවට පැමිණි දුම්රිය තව ස්වල්ප වේලාවකින් ගාල්ල බලා පිටත් වේ. එම දුම්රිය නවත්වන්නේ දකුණු කළුතර, අළුත්ගම, අම්බලන්ගොඩ, හික්කඩුව සහ ගාල්ල යන දුම්රිය ස්ථාන වල නවත්වනවා ඇත.“
ආයිත් කියවලා බලන්න. අඩුවක් පේනවා නේද? ඒත් බොහෝ දුම්රිය වලට මේ විධියටම තමයි කියන්නෙ. ඔය වාක්‍ය හදාගන්න කිසි උනන්දුවක් නැහැ. හරිම සරල දෙයක්නෙ.
අනික් දේ තමයි බොහෝ ස්ථාන වල මේ කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.
හදාගන්න උවමනාවකුත් නැහැ වගේ.
Subscribe to:
Posts (Atom)